Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,964ක්  

Add comments

ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයින් දෙදහස් නවසිය හැට හතර දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ එක්දහස්අටසිය හැට තුනක්. රෝහල්ගතව සහ නිවෙස්වල පුද්ගලයින් හැත්තෑ තුන්දහස් අසූ එක් දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව තුන්ලක්ෂ අසු අටදහස් දෙසිය හැත්තෑ අටක්.

පෙරේදා දිනයේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ එකසිය අසූ හතරක් පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ වාර්තා කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 10,504ක්. පෙරේදා දිනයේ වාර්තා කළ මරණ අතර අවුරුදු හැට සහ ඊට වැඩි පුද්ගලයින් එකසිය තිස් හතර දෙනෙකු සිටිනවා. අවුරුදු 30 ත් 59 ත්අතර පුද්ගලයින් හතළිස් හය දෙනෙකු සහ අවුරුදු 30 ට අඩු පුද්ගලයින් හතර දෙනෙකු ද ඊට ඇතුළත්.

ඊයේ දිනයේදී සිදුකර ඇති පී සි ආර් සංඛ්‍යාව නවදහස් නවසිය හැත්තෑ හතක්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තුන්දහස් තුන්සිය විසිහතරක් ඊයේ දිනයේදී සිදු කර තිබෙනවා.

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,964ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG