ගතවු පැය 24ට ලොව පුරා රටවල් 221කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබෙනවා.
ඊයේ දිනයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 8379 ක්. එමෙන්ම වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. ගතවූ පැය 24 දී එරටින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 815 ක්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂ අනූ අට දහස් තුන්සිය අසූව දක්වා ඉහළ ගියා. හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසි දෙකෝටි විසි හත් ලක්ෂයකට අධිකයි.
The post ගතවු පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment