Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මීපාවල සණස සමිතියේ තේ වලට වෙන්දේසියකදී ඉහළ මිලක්  

Add comments

අක්මීමන මීපාවල සණස සමිතිය පවත්වාගෙන යන තේ කර්මාන්තශාලාවේ නිෂ්පාදිත තේ කිලෝග්‍රෑමයක් සදහා පසුගියදා පැවති තිස් දෙවැනි තේ වෙන්දේසියේදී ඉහළ මිලක් හිමි වී තිබෙනවා.

මෙම තේ කර්මාන්තශාලාවේ තේ කිලෝවක් සදහා රුපියල් දෙදහස් හයසිය පනහක මිලක් නියම වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. කලක් අක්‍රීයව තිබූ යහළුදූව තේ කර්මාන්තශාලාව නැවත සක්‍රීය කර භාවිතයට ගැනීමට මීපාවල සණස සමිතිය කටයුතු කර තිබුණා. ඒ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක තේ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට අනුවයි. වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුලදී සිය තේ නිෂ්පාදන සදහා ඉහළම මිලක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තේ කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලය සිය සතුට පළ කළා.

 

 

The post මීපාවල සණස සමිතියේ තේ වලට වෙන්දේසියකදී ඉහළ මිලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG