Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඝාතනයට ලක්වූ ‘සන්ෂයින් සුද්දා’ටත් කොවිඩ්  

Add comments

මාතර,  වැලිගම, කොටවිල ප්‍රදේශයේදී ඊයේ ඝාතනයට ලක්වුණ පාතාල කල්ලි ප්‍රබලයෙකු වූ සන්ෂයින් සුද්දා කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා.

ඔහුට කොටවිල,  වරකාපිටිය පාසල අසලදී හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් සන්ෂයින් සුද්දා නමැත්තා ඊයේ දහවල් ඝාතනයට ලක්වූයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි. කැළෑබද ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු සන්ෂයින් සුද්දාට වෙඩි තබා පළා ගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවුණේ. 31 හැවිරිදි ඔහු මාතර,  මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වනවා.

තම අනියම් බිරිඳගේ නිවසට ගොස් ආපසු පැමිණෙමින් සිටියදීයි ඔහු මෙම ප්‍රහාරයට ලක්වූ ඇත්තේ.

පසුගිය වසරේ මැයි 30 වනදා මිරිස්ස ප්‍රදේශයේ දී චින්තක හෙවත් හරක් කටා නමැති පතාල සාමාජිකයාගේ සගයින් දෙදෙනෙකු සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමක් සිදු කළ අතර එහිදි දිවි බේරා ගැනීමට ඔහු සමත්වුණා. සන්ෂයින් සුද්දාට වෙඩි තැබූ පුද්ගලයා ගමන් ගත් මෝටර් රථය මාතර ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

The post ඝාතනයට ලක්වූ ‘සන්ෂයින් සුද්දා’ටත් කොවිඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG