Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුඩු කිලෝ 301ක් සමඟ විදේශිකයෝ 7ක් නාවික හමුදා දැලේ (video)  

Add comments

හෙරොයින්  කිලෝග්‍රෑම් 301 සමඟ ජාත්‍යන්තර මුහුදේදී විදේශකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන  සදහා  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දුන් බවයි නාවික හමුදාව සදහන් කළේ.

පොලිස් බුද්ධි අංශ වෙත ලැබුණ තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය හා නෞකා එක්ව සිදුකල මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදි මත්ද්‍රව්‍ය සහිත ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගනු ලැබුවා. එහි විදෙස් ජාතිකයින් 7 දෙනෙකු සිටි අතර හෙරොයින් කිලෝග්‍රෑම් 301 ක් ද තිබූ බවයි නාවික හමුදාව සදහන් කළේ.

සමුදුර නෞකාව මගින් සැකකරුවන් හා මත්ද්‍රව්‍ය කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සදහන් කළා.

 

 

The post කුඩු කිලෝ 301ක් සමඟ විදේශිකයෝ 7ක් නාවික හමුදා දැලේ (video) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG