Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඊශ්‍රායලයේ සහයට එවයි  

Add comments

ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ඇති වු ගැටුම් හේතුවෙන් ලෝක තෙල් මිලේ ද ඉහළ යාමක් පෙන්නුම්කර තිබෙනවා.

මෙම කලාපය තෙල් බහුලව නිපදවන කලාපයක්වීම ඊට හේතුවයි.

ඇමෙරිකාව සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන යූ එස් එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව මේ වනවිට ඊශ්‍රායලය දෙසට ගමන් කරවීමට කටයුතු කර තිබෙනවා.

තම රටේ සහාය ඊශ්‍රායලයට අඛණ්ඩව ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා.

මේ අතර ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඇමෙරිකා සෙනෙට් සභික කෝරි බුකර්ද නවාතැන් ගෙන සිට ඇත්තේ ඊශ්‍රායලයේයි.

ඔහු ආරක්ෂිතව ඇමෙරිකාවට පැමිණ තිබෙනවා.

ඉදිරි සටන් සදහා ඊශ්‍රායල හමුදා 110,000ක පිරිසක් දකුණු ඊශ්‍රායලයට යොමුකර ඇති බව වාර්තා වනවා.

ඇමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද සහාය පළකර තිබෙනවා.

කෙසේ වෙතත් ඉරානය පවසන්නේ තමන් පලස්තීනුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන බවයි. ලෙබනනය ද ඊශ්‍රායලයට සහාය පලකරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර චීනය අවධාරණය කරන්නේ ගැටුම් නවත්වා දෙපාර්ශ්වයම සාමය ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතු බවයි.

රුසියාව ද අවධාරණය කර ඇත්තේ දිගුකාලීන සාමයක් සදහා සටන් විරාමයකට යාම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

ගැටුම් හමුවේ ආසියා කලාපයේ ගුවන් සේවා සියල්ල ඊශ්‍රායල පලස්තීන කලාපයට සිදුකරන මෙහෙයුම් නවතා දැමුවා.

ගැටුම් පිළිබද සාකච්ඡා කිරීම සදහා ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වූ අතර ඒකමතික තීරණයක් නොමැතිව එහි සාකච්චා අවසන්වී තිබෙනවා.

රටවල් 15ක නියෝජනය සහිත ආරක්ෂක මණ්ඩලයේ දී ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය දැඩි ලෙස හෙලාදැකිය යුතු බවයි.

කෙසේ වෙතත් රුසියාව ප්‍රමුඛ සාමාජිකයින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් හෙළාදැකීමට වඩා පුළුල් විසදුමක් අවශ්‍යව ඇති බවයි.

කවුන්සිලය පැය එකහමාරකට ආසන්න කාලයක් රැස්ව තිබුණා.

මේ අතර හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ගණනක පිරිසක් සිරකරගෙන සිටින බවයි.

කුඩා දරුවන් හා කාන්තාවන් ද ඒ අතර සිටිනවා.

කෙසේ වෙතත් අද උදෑසන කාලයේත් ගාසා තීරයට ගුවන් ප්‍රහාර රැසක් එල්ලකෙරුණා.

The post ඇමෙරිකාව සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඊශ්‍රායලයේ සහයට එවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG