Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොරතෙල් මිල ඉහළට  

Add comments

ඊශ්‍රායල – හමාස් ගැටුම් දරුණු අතට හැරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ඉරිදා දිනයේ දී හමාස් සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 5000ක් පමණ එල්ල කළා.

ඒ සමගම ඊශ්‍රායල – හමාස් දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ආරම්භ වුණු අතර ඒ හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මැදපෙරදිග බොරතෙල් නිෂ්පාදනයට හා බෙදා හැරීමට මෙම ගැටුම් හේතුවෙන් බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඇමෙරිකාවේ ඩබ්ලියු ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 2 ශත 25කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව නව මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 86යි ශත 20ක් ලෙසයි.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 87යි ශත 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 89යි ශත 85ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 4.33%ක වැඩි වීමක් ලෙසයි සටහන් වන්නේ.

 

 

 

 

The post බොරතෙල් මිල ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG