පරිත්‍යාගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත රුපියල්මිලියන 11 කට වඩා වටිනා High Flow Oxygen Therapy Ventilator යන්ත්‍ර 03 ක් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීම අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
ඒ අනුව මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් භාර ගත් අතර එම එක් වෙන්ටිලේටර් යන්ත්‍රයක මිල රුපියල් 3,690,000.00 කි.
මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර 03 කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ලබාදීම ද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙහිදී සිදුවිය .
ශ්වසන අපහසුතා ඇති රෝගී ප්‍රතිකාර සේවා සඳහා නවීන තාක්ෂණයෙන් යුක්තව නිපදවා ඇති මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සේවා, දැඩිසත්කාර සහ අධි සත්කාර සේවා සඳහා ද යොදා ගත හැකි පහසුවෙන් එහා මෙහා රැගෙන යා හැකි යන්ත්‍රයකි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිම සඳහා සිදු කරන මෙවැනි පරිත්‍යාග ඉතා අගය කොට සළකන බවයි. එමෙන්ම අවශ්‍යතාවය දැඩිව පැන නැගී ඇති රෝහල් වෙත මෙම යන්ත්‍ර ලබාදීම සඳහා කටයුතු කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය
The post රෝහල් 03 කට High Flow Oxygen Therapy වෙන්ටිලේටර් යන්ත්‍ර 03ක පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment