Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සීනි සහ වී සඟවා තබා ඇති ගබඩා සොයා තවදුරටත් මෙහෙයුම්  

Add comments

වැඩි මිලට අලෙවි කිරීම සදහා සීනි සගවා තබා ඇති ගබඩා වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

පෑලියගොඩ නුගේ පාරේ පිහිටි සීනි තොග ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් එහි තිබූ සීන මෙට්‍රික් ටොන් එක්දහස් තුන්සියයක් සිය භාරයට ගත්තා. මෙම ගබඩාව රජයේ ලියාපදිංචි කර තිබුණද අයථා ලෙස තොග රැස්කර තැබීම හේතුවෙනුයි වැටලීම සිදු කළේ. අදාළ සීනි තොග බෙදා හරින තෙක් ගබඩාවට මුද්‍රා තැබුවා. වත්තල මාබෝල ප්‍රදේශයේ සීනි ගබඩාවක්ද වැටලූ නිලධාරීන් සීනි මෙට්‍රික් ටොන් නවසිය තිස්හයක් සිය භාරයට ගත්තා. මෙම ගබඩාවෙහි තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇති බැවින් එය මුද්‍රා නොතබා නීතිමය පියවර ගත්තා.

වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ මුද්‍රා තබා තිබූ සීනි ගබඩාවකින් සීනි තොග පිට කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පාරිභෝගික සේවා අධිකාරියට හැකි වුණා. පසුගිය 3 වනදා මෙම ගබඩාව වටලා සිනි මෙට්‍රික් ටොන් හාරදහස් එකසියයක් සිය භාරයට ගෙන ගබඩාව මුද්‍රා තැබීමටයි කටයුතු කෙරුණේ. මෙම ගබඩාවේ මුද්‍රා ඉවත් කර ඉන් සීනි මෙට්‍රික් ටොන් තුන්සිය විස්සක සිනි තොගය ලොරි රථයකට පටවමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ.  ගබඩාවේ භාරකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයේ රියදුරා වැඩිදුර විමර්ශන සදහා කඩවත පොලීසියට භාර දෙනු ලැබුවා.

මේ අතර ත්‍රිකුණාමලයේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනවසර වී ගබඩා තුනක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ගබඩා මුද්‍රා තැබුවා. කන්තලේ පොලිසියේ නිලධාරීන්ද මේ සදහා දායක වුණා. මෙහිදී වී කිලෝග්‍රෑම් පනස් දහසකට වැඩි ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නිලධාරීන්ට හැකි වුණා.

 

The post සීනි සහ වී සඟවා තබා ඇති ගබඩා සොයා තවදුරටත් මෙහෙයුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG