Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවාගෙන සිටි අලි අධිකරණ නියෝගයක් මත හිමිකරුවන්ට  

Add comments

අධිකරණ නියෝග අනුව පින්නවල අලි සංරක්ෂණාගාරයේ රදවාගෙන සිටි අලි අධිකරණ නියෝගයක් මත නැවතත් ඒ සතුන්ගේ හිමිකරුවන්ට ලබා දෙන්න ක්‍රියා කෙරුණා.

පසුගිය රජය සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුව එක්ව ඇතැමුන් නීති විරෝධිව රදවාගෙන සිටි අලි ඇතුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත්තා. එම අලි ඇතුන් උඩවලව ඇත් අතුරු සෙවණේ සහ පින්නවල අලි සංරක්ෂණාගාරයේ රදවා තැබීමටයි පියවර ගැණුනේ. වසර පහක පමණ කාලයක් මෙසේ රදවාගෙන සිටි අලි ඇතුන්ට ආහාර පාන සැපයීම මෙන්ම සෞඛ්‍ය පහසුකම් සැලසීම එම ආයතන මගින් සිදු කළා. දිනකට එක් අලියෙකු සදහා රුපියල් 15000 ක පමණ මුදලක් වැය කෙරෙනවා. මෙසේ අලි ඇතුන් නඩත්තුව සදහා විශාල මුදලක් වැය කිරීමට සිදු වන බැවින් එම සතුන් මුල් අයිතිකරුවන්ටම ලබා දෙන ලෙසට අධිකරණය නියෝග කළා. ඒ අනුවයි පින්නවල රදවාගෙන සිටි අලි ඇතුන් දා හත් දෙනෙකු අතුරින් හත් දෙනෙකු අයිතිකරුවන් වෙත මුදා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රිෙය්ම සිදු කෙරුණේ.

 

 

 

The post පින්නවල අලි සංරක්ෂණාගාරයේ රඳවාගෙන සිටි අලි අධිකරණ නියෝගයක් මත හිමිකරුවන්ට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG