වයස දෙකත් දහඅටත් අතර දරුවන් සදහාද එන්නත් ලබාදීම කියුබාව ආරම්භ කළා.
ලබන දෙසැම්බර් මාසය වන විට එරට ජනගහනයෙන් සියයට අනූවක ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදීම අරමුණ බවයි කියුබා සෞඛය අංශ සදහන් කරන්නේ. එරට ජනතාව සදහා කියුබාවේම නිෂ්පාදිත එන්නතක් ලබාදීම විශේෂත්වයක්. දරුවන් සදහා එම එන්නත ලබාදීම ආරක්ෂිත බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි කියුබා රජය නිවේදනය කරන්නේ. එම එන්නත මගින් වැඩිහිටියන්ට වඩා දරුවන් තුළ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වන බවද වාර්තා වනවා. දරුවන්ට එන්නත් ලබාදීම තුළින් හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම අරමුණයි.
The post 2ත් 18ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම කියුබාව ආරම්භ කරයි appeared first on ITN News.
Post a Comment