Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ ආසාදිතයින් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි  

Add comments

ඕස්ට්‍රේලියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එළඹෙන සතියේදී ඉහළම අගයක් ගනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ දෛනිකව වාර්තා වන වයිරස ආසාදිත සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යන බවක් පෙන්නුම් කරනවා. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මේ වන විට ඕස්ට්‍රේලියාව තුළ එන්නත් කිරීම් වේගවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. දැනට රෝහල් තුළ පවත්නා දැඩි සත්කාර ඒකක ඉඩ පහසුකම් ඉදිරි සති කිහිපය තුළදී ප්‍රමාණවත් නොවනු ඇති බවටද සෞඛ්‍ය අංශ සදහන් කරනවා. නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය තුළ පමණක් දැඩි සත්කාර ඒකකයන්හි 177 දෛනෙකු ප්‍රතිකාර ලබන බවයි සදහන් වන්නේ. මේ අතර එන්නත් හුවමාරු කිරීමේ වැඩසටහනක් යටතේ ඕස්ට්‍රේලියාවට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන හතරයි දශම පහක් ලැබී තිබෙනවා.

 

 

The post ඕස්ට්‍රේලියාවේ ආසාදිතයින් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG