Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දර කැඩීමට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන්  

Add comments

නුවරඑළිය ඩන්සියන් රක්ෂිතයේ දර කැඩීම සදහා ගිය විසිපස් හැවිරිදි තරුණියක් අතුරුදන්ව තිබෙනවා. ඇය සොයා යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කරනවා.

මෙම තරුණිය අද උදෑසන ඩන්සියන් රක්ෂිතයට දර කැඩීම සදහා ගොස් ඇත්තේ තම මව සමගයි. රක්ෂිතයේ ඉහළ කදු ප්‍රදේශයට ගොස් දර සොයාගෙන පැමිණෙන බව ඇය සිය මවට පවසා තිබෙනවා. එහෙත් එම ප්‍රදේශයට ගිය ඇය යළි නොපැමිණි බවයි මව පවසන්නේ. එහෙත් දියණිය යළි නොපැමිණීම හේතුවෙන් අසල්වාසීන් දැනුවත් කිරීමටයි මව කටයුතු කළේ. පසුව පොලිසියට කළ දැනුම්දීමෙන් අනතුරුව යුද හමුදාව සමග එක්ව තරුණිය සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. අතුරුදන් දියණිය අපස්මාර රෝගයෙන් පෙළෙන බවද මව පවසනවා.

 

The post දර කැඩීමට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG