Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කලකට පසු විදේශීය සංචාරකයන් පිරිසක් සීගිරියට  

Add comments

කලකට පසු විදේශීය සංචාරකයන් පිරිසක් සීගිරි සිරි නැරඹීමට එක්ව සිටිනවා.

මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තයට කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වුණා. රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමග සංචාරකයින් යළි පැමිණෙමින් සිටින ආකාරයකුයි දක්නට ලැබෙන්නේ. දිගුකලකට පසුව සීගිරිය නැරඹීම සදහා විදෙස් සංචාරකයින් පිරිසක් මේ දිනවල පමිණ සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා පවසනවා.

මෙසේ පැමිණි ජර්මන් ජාතික සංචාරකයින් පිරිසක් කියා සිටියේ සෞඛ්‍යාරක්ෂිතව සංචාරය කිරීම සදහා සියලු පහසුකම් සලසා ඇති බවයි. ලස්සන ශ්‍රී ලංකාව නැරඹීමට තම රටේ පිරිස්වලින් ඉල්ලා සිටින බවද ඔවුන් සදහන් කළා.

 

 

The post කලකට පසු විදේශීය සංචාරකයන් පිරිසක් සීගිරියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG