ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට අයිඩා සුළිකුණාටුව බලපා සතියක කාලයක් ඉක්ම ගොස් තිබුණද ඇතැම් ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවත්නා බව වාර්තා වනවා.
සුළි කුණාටුව හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව හැත්තෑවකට ආසන්න බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ලුසියානා ප්‍රදේශයේ නිවාස හා වාහන ජලයෙන් යටව පවත්නා ආකාරය ද මාධ්‍ය වාර්තා කර සිටියා. පැයට කිලෝමීටර් 250 ක වේගයෙන් හමා ගිය සුළිකුණාටුව හේතුවෙන් බිඳ වැටුණූ විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවටයි සහන කණ්ඩායම් පවසන්නේ. විදුලිය ලබාදීම විදුලි ජනක යන්ත්‍ර මගින් සිදු කෙරෙන අතර ඒවාට අවශ්‍ය ඉන්ධන හිඟතාවයකට මේ වන විට මුහුණ දී තිබෙනවා.
The post ලුසියානා ප්‍රාන්තය තවමත් ජලයෙන් යටව පවතී appeared first on ITN News.
Post a Comment