Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වැසී යාමේ අවදානමක  

Add comments

ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වැසී යාමේ අවදානමකට මුහුණ දී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

එරට පිහිටුවා ඇති සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 2300 ක් අතුරින් සියයට අනූවක ප්‍රමාණයක් ඉදිරි සතිය තුළදී වැසී යාමේ අවදානමකට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ. එම මධ්‍යස්ථාන පවත්වාගෙන යමා සදහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදෙන ආයතන තවදුරටත් ඒ සදහා දායකත්වය ලබා නොදීම එයට හේතුවයි.

ඇෆ්ගන් රජය බිද වැටීමෙන් පසු තලෙයිබාන් සංවිධානය යටතේ එරටට අවශ්‍ය ආධාර ලබාදීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මැලිකමක් දක්වන බවද වාර්තා වනවා. ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ලක් නොවී පවත්වාගෙන යාමට නම් මෙම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

 

 

The post ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වැසී යාමේ අවදානමක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG