අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින දෙමළ සිරකරුවන් අට දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ නීතිපතිවරයාට නියෝග කළා.
ඒ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී මෙම සිරකරුවන්ට තර්ජනය කළ බවත් ඒ තුළින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවත් පවසමිනුයි පෙත්සම ගොනුකර ඇත්තේ. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන් මහතා පෙනීසිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක මහතා කරුණු දැක්වුවා. මෙම පෙත්සම ලබන 21 වනදා කැදවීමට නියමිතයි.
The post අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දෙමළ සිරකරුවන් 08 දෙනකුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි appeared first on ITN News.
Post a Comment