ඊයේ සන්ධ්‍යා කාලයේ සිට පැය 6ක කාලයක් ෆේස්බුක් සමාගමට අයත් ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලා අක්‍රිය වුණා. පරිගණක හෝ ජංගම දුරකතන භාවිතයෙන් එම සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ෆේස්බුක් සමාගම මෙතෙක් මුහුණ දුන් දැවැන්තම බිද වැටීම මෙය ලෙසයි සැලකෙන්නේ.
ලොව පුරා පරිශීලකයින්ගෙන් ගැටලු මිලියන 11 කට ආසන්න සංඛ්‍යාවක් ෆේස්බුක් සමාගම වෙත වාර්තාවී තිබෙනවා. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් අතිශය කණගාටුව ප්‍රකාශ කරන අතර සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින්ගෙන් සමාව අයැද සිටින බවයි ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
The post සකර්බර්ග් සමාව ඉල්ලයි appeared first on ITN News.
Post a Comment