ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් දැන් පැවැත්වෙනවා.
අරලියගහ මන්දිරයේ තියෙන මේ සාකච්ඡාවේදී යුගදනවි විදුලි බලාගාරයේ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.
සාකච්ඡාව සදහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය ඇතුළු හවුල්කාර පක්ෂවල නායකයින් සහභාගි වී සිටින බවයි වාර්තා වන්නේ. ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් අවශ්‍ය බව මීට පෙර මෙම පක්ෂවල නායකයින් ඉල්ලීම් කර තිබුණා. ඒ අනුවයි අද දිනයේ සාකච්ඡාව පැවැත්වෙන්නේ.
The post ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයින් ජනපතිත් අගමැතිත් සමඟ විශේෂ සාකච්ඡාවක appeared first on ITN News.
Post a Comment