කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රාදේශීය මට්ටමෙන් තවදුරටත් ව්‍යාප්ත කෙරෙමින් පවතිනවා. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ද උපරිමයෙන් ලබාදෙනවා.
මැදිරිගිරිය ප්‍රදේශයේ ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද පුහුණු වැඩසටහන් කිහිපයක් උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණා. මුංඇට, ගස්ලබු, මෑකරල් ආදි වගාවන්වල අස්වනු ඉහළ නංවාගැනීම සදහා කාබනික පොහොර යොදාගන්නා ආකාරය පිළිබදව ද මෙහිදී දැනුවත් කෙරුණා.
කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මගින් ආරම්භ කළා. ඒ අනුව අත්තනගල්ල වීරගුල ප්‍රදේශයේ ව්‍යවසායකයෙකු වන සදසිරි ජයසුන්දර මහතාගේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ජීවනෝපාය නගාසිටුවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ලබාදීමට ප්‍රාදේශීය සභාව තීරණය කළා. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් කුමාර යන මහත්වරුන් මෙම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි අදාළ තීරණයට එළඹ තිබෙන්නේ.
දොම්පේ පාලුගම වෙල්යාය කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කුඹුරු හෙක්ටාර 15 කට අධික ප්‍රමාණයක් මෙසේ වගා කිරීමට නියමිතයි. තමන්ට වසවිස නැති ගොවිතැනට යොමුවීම සදහා රජය ගත් මෙම පියවර ප්‍රශංසනීය බවයි ගොවීන් ප්‍රකාශ කරන්නේ.
The post කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද පුහුණු වැඩසටහන් appeared first on ITN News.
Post a Comment