සංස්කෘතික උරුම සංරක්ෂණ හා කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂ කුසලතා ඇති පුද්ගලයින්ට පිරිනමන ලොව ඉහළම ජාත්‍යන්තර ගෞරව සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවුණා.
ඉතාලියේ පිහිටි සංස්කෘතික දේපොල සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය පිළිබද අධ්‍යනය සදහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය මගින් ආචාර්ය ගාමිණී විජේසූරිය මහතාට මෙම සම්මානය පිරිනැමුවා. ගාමිණී විජේසූරිය මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස වසර 18 ක කාලයක් සේවය කළා.
පැරණි ඕලන්ද රෝහල සහ මිරිසවැටිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය මෙන්ම එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය ඇතුළු කටයුතු රැසකට ඒ මහතා නායකත්වය ලබාදී තිබෙනවා.
The post සංස්කෘතික උරුම සංරක්ෂණය හා කළමණාකරණයට පිරිනැමෙන ලොව ඉහළම සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට appeared first on ITN News.
Post a Comment