Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පවත්වාගෙන යන විහාරස්ථාන සඳහා මූල්‍යාධාර  

Add comments

මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පවත්වාගෙන යන විහාරස්ථාන සදහා මූල්‍යාධාර ලබාදීම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

සංකේතාත්මකව විහාරස්ථාන 4 ක් සදහා ප්‍රථමයෙන්ම ආධාර පිරිනැමුණා. අපරැක්ක සේපාලිකාරාමය,  ඌරුගමුව ශ්‍රී ධම්මදින්න මූලික පිරිවෙන,  බඹරැන්ද ශ්‍රී රතනසාර මූලික පිරිවෙන හා කපුගම වදුරුදෙනිය යන විහාරස්ථාන සදහායි මෙම ආධාර පිරිනැමුණේ. විහාරස්ථානයක් සදහා රුපියල් ලක්ෂ 5 ක මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කෙරුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිවයිනේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීවයි මෙම මූල්‍යාධාර පිරිනැමුණේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු ජනතා නියෝජිතයින් එක්ව සිටියා. මෙම කටයුතු සම්බන්ධයෙන් මහා සංඝරත්නය වත්මන් රජයට සිය ප්‍රසාදය පළකළා.

 

 

 

 

The post මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පවත්වාගෙන යන විහාරස්ථාන සඳහා මූල්‍යාධාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG