Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතික සටහන් කරයි  

Add comments

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පතට සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පතට සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 26 වැනිදා සිය සහතිකය සටහන් කළේය.

දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)පනත් කෙටුම්පත මගින්, යම් වරදක් සිදු කරනු ලබන අවස්ථාවේ වයස අවුරුදු 18 ට අඩු යම් තැනැත්තෙකුට එරෙහිව මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම හෝ වාර්තා කිරීම නොකළ යුතු බවට සහ මරණීය දණ්ඩනයෙන් දඬුවම් කිරීම වෙනුවට ඔහු රඳවා තැබීමේ ආයතනයක රඳවා තැබීමට විධිවිධාන සැලසීම සිදුවේ.

තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත් කෙටුම්පත මගින් “තරුණ තැනැත්තා” යන යෙදුම වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ එහෙත්, වයස අවුරුදු විසිදෙක සම්පූර්ණ නොවූ තැනත්තෙකු වශයෙන් නැවත අර්ථ නිරූපණය කිරීම සිදුවේ. ස්ත්‍රී පුරුෂ මධ්‍යස්ථභාවය මත ආඥාපනතේ විධිවිධාන අදාළ කර ගැනීමද මෙම සංශෝධනයෙන් සිදු වේ.

ඒ අනුව, 2021 අංක 25 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත සහ 2021 අංක 24 දරන තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) (සංශෝධන) පනත පසුගිය 26 වැනිදා සිට බලාත්මක ය.

The post පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතික සටහන් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG