මාර්ග බලපත්‍රයක් නොමැතිව මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ වැටලීමේ මෙහෙයුමක් පිටකොටුව ප්‍රදේශයේ දී ඊයේ (28) රාත්‍රියේ සිදුකෙරුණා.
මගීන්ගෙන් මෙන්ම නීත්‍යානුකූල බලපත්‍රලාභි බස් රථ හිමියන්ගෙන් ලැබුණු පැමිණිලි මත පොලීසියේ සහාය ඇතුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මෙම වැටලීම සිදුකළා. මාර්ග බලපත්‍ර නොමැතිව ධාවනය කළ බස් රථ මෙන්ම මගීන්ගෙන් වැඩිපුර මුදල් අයකර ධාවනය කළ බස් රථ කීපයක් ද අත්අඩංගුවට ගැණුනා.
මේ පිළිබද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
මෙවැනි වැටලීම් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරන්නේ.
The post බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ වැටලීමේ මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment