විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් කළකිරීමෙන් සිටින බවත් ඔවුන් ඉදිරියේ දී ආණ්ඩුව හා අත්වැල බැදගනු ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකකමත්, අනුර දිසානායක මහතා පක්ෂ නායකකමත් බේරා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කළේ මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි. මහනුවර විලියම් ගොපල්ලව මාවත, හීරැස්සගල සිට මහනුවර දක්වා කොටස මන්තීරු 4 ක් දක්වා පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැයකෙරෙන මුදල රුපියල් මිලියන 1,200 ක්. ගැටඹේ මංසන්ධියේ ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලම ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්වුණා.
The post විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එනහැටි ඇමති ජොනී හෙළිකරයි appeared first on ITN News.
Post a Comment