Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිසුන් 200 ට අඩු පාසල් හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම්  

Add comments

සිසුන් 200ට වඩා අඩුවෙන් සිටින පාසැල් හෙට දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කෙරෙමින් පවතිනවා.

පාසැල් සුද්ධ පවිත්‍ර කරමින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීමේ කටයුතු වල දෙමව්පියන් නිරත වෙමින් සිටිනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කලක් පුරා පාසල් වසා තැබීමට සිදු වුණා. එමෙන්ම ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. දීර්ඝ කාලයක් වසා තැබීම හේතුවෙන් පාසල් බොහොමයක් සුද්ධ පවිත්‍ර කිරීමට සිදුව තිබෙනවා. දෙමව්පියන් පාසල් සංවර්ධන සමිති මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේද සහාය ඇතිව මේ දිනවල එම පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

අත්තනගල්ල කොස්කදවල ප්‍රාථමික විද්‍යාලය මෙසේ පිරිසිදු කිරීම සිදුවූයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් කුමාර යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන්.

උතුරු පළාතේ අදාළ පාසල් විවෘත කිරීම සදහා පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. දරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැලසීම සදහාද දෙමව්පියන් වැඩි උනන්දුවකින් ක්‍රියා කරනවා.

බොහෝ පාසල්වල පිරිසිදු කිරීමේ කටයුතුවලට විදුහල්පතිවරුන් මෙන්ම ගුරුවරුන්ගේද ඉහළ දායකත්වයක් ලැබී තිබෙනවා. දිවුලපිටිය කළුවාරිප්පුව ප්‍රාථමික විද්‍යාලය පිරිසිදු කිරීමේ කටයුතු මේ අනුව සිදුවූයේ දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන ප්‍රනාන්දු මහතාගේ අනුග්‍රහය ඇතිවයි.

ගුරු විදුහල්පතිවරුන් තම භූමිකාව හරිහැටි තේරුම් ගනිමින් හෙට සිට දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට එක්වන්නැයි රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා.

 

The post සිසුන් 200 ට අඩු පාසල් හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG