Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා වැඩි කරන්න වියට්නාමය සූදානමින්  

Add comments

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා වැඩි කරන්න වියට්නාමයට ඉදිරියේදී හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී  වියට්නාම තානාපතිනිය මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඉදිරියේදී දෙරට අතර සබදතා ඉහළ නැංවීමට බොහෝ අවස්ථා ඇති බව තානාපතිනිය මෙහිදී ප්‍රකාශ කළා. 2019 වසරේදී පමණක් දෙරට අතර වෙළෙදාම ඇමෙරිකා ඩොලර් මිලියන 300 ඉක්ම වූ බවයි ඇය පෙන්වා දුන්නේ. ශ්‍රි ලංකාව සමග බෞද්ධ සබදතා වැඩිදියුණු කිරීමට තම රට උනන්දු වන බව කී ටෘක් මහත්මිය දැනටමත් බෞද්ධ වැඩසටහන් හුවමාරු කර ගැනීම අරඹා ඇතැයිද ප්‍රකාශ කළා.

ඓතිහාසික බෞද්ධ උරුමය පදනම් කරගනිමින් දෙරටේම ජනතාවට වැදගත් වන අනෝන්‍ය සබදතා ශක්තිමත් කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. වියට්නාම බෞද්ධ විහාරස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය මෙන්ම දෙරට අතර ආගමික නායකයන් හා සිසුන් අතර අධ්‍යයන හුවමාරු වැඩසටහන් සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා.

දෙරටේ පාර්ලිමේන්තු සබදතා වැඩිදියුණු කරමින් මන්ත්‍රීවරුන්ගේ අධ්‍යයන චාරිකා සංවිධාන කිරීම හා දෙරට අතර දැනටමත් පවතින සහයෝගීතා වැඩසටහන් අඛණ්ඩව පත්වාගෙන යාම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා.

 

The post ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා වැඩි කරන්න වියට්නාමය සූදානමින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG