Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත් මාත්‍රා බිලියන 6.36 ක් ලොව පුරා ලබා දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි  

Add comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා බිලියන හයයි දශම තුනයි හයක් ලොව පුරා ලබා දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

එන්නත් ලබාදීම ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට තිස්හතරයි දශම පහක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එමෙන්ම එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව බිලියන දෙකයි දශම හයයි නවයක් ලෙස දැක්වෙනවා. එන්නත් ලබාදීමත් සමග ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් දක්නට ලැබෙන බවද එම සංවිධානය සදහන් කරනවා. වසංගත තත්ත්වය හමුවේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කිරීම සදහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව හා ඉන්දියාව ඇතුළු ප්‍රබල රටවල් රැසක් එන්නත් ලබාදීම වේගවත් කර තිබෙනවා.

 

 

The post එන්නත් මාත්‍රා බිලියන 6.36 ක් ලොව පුරා ලබා දී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG