ඉතියෝපියාවේ ටිග්ග්‍රේ ප්‍රාන්තය මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බව ලෝක ආහාර වැඩසටහන සදහන් කරනවා.
එම ප්‍රාන්තයේ ජනතාවට අවශ්‍ය ආහාර හා ආධාර ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ලෝක ආහාර වැඩසටහන පවසන්නේ. ඉතියෝපියා ආරක්ෂක අංශ හා කැරළිකරුවන් අතර ටිග්ග්‍රේ ප්‍රාන්තයේ පවතින ගැටුම් හේතුවෙන් එම ප්‍රාන්තය තුළ ආධාර බෙදාදීම සිදුකිරීමට හැකියාවක් නැහැ.
මේ තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්ත තුළ සාගත තත්ත්වයක් ඇති විය හැකි බව ජගත් සංවිධානය අනතුරු අගවනවා. කෙසේ වුවද ඉතියෝපියාවේ අනෙකුත් ප්‍රාන්තයන් සදහා එළවළු, තෙල්, හා තිරිගු පිටි ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට ලෝක ආහාර වැඩසටහන කටයුතු කළා.
The post ඉතියෝපියාවේ ටිග්ග්‍රේ ප්‍රාන්තය මානුෂීය අර්බුදයකට මුහුණ දෙයි appeared first on ITN News.
Post a Comment