Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්ත මහ බැංකුව වසර 7කට පසු පොළී අනුපාත ඉහළ දමයි  

Add comments

නවසීලන්ත මහ බැංකුව වසර හතකට පසු පොළී අනුපාත ඉහළ නංවා තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් සදහන් කරන්නේ. නවසීලන්ත බැංකු සිය මුදල් අනුපාත හතරෙන් එකකින් සියයට බිංදුවයි දශම පහ දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම ඉහළ දැමීම් පසුගිය මාසයේදී අපේක්ෂා කළ නමුත් කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එය තාවකාලිකව අත්හිටුවා තිබුණා.

කොරෝනා වසංගතය හමුවේ ලබා දී තිබූ මූල්‍ය අනුපාත අඩු කිරීම් ඉහළ දැමූ පළමු සංවර්ධිත ආර්ථිකයක් සහිත රට බවට නවසීලන්තය පත්වනවා. කොරෝනා වසංගතය හමුවේ කඩා වැටී ඇති ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වෙමින් පවතින හෙයින් ලබා දී ඇති මූල්‍ය උත්තේජකයන් ඉවත් කිරීමට සැලසුම් කරන බවයි නවසීලන්ත මහ බැංකුව සදහන් කරන්නේ.

 

 

The post නවසීලන්ත මහ බැංකුව වසර 7කට පසු පොළී අනුපාත ඉහළ දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG