අඛණ්ඩව 8 වන දිනටත් රුසියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.
ගත වූ පැය 24 ට රුසියාවේ කොරෝනා මරණ 1106ක් සිදුව ඇති බව සඳහන්. එය දෛනිකව එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවද වනවා. මියගිය පුද්ගලයන්ගෙන් බහුතරයක් කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබාගෙන නොමැති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. දෛනිකව හමුවන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝහල්වල ධාරිතාවද ඉක්මවා යමින් පවතිනබව වෛද්‍යවරුන් සඳහන් කරනවා. වයිරස ව්‍යාප්තිය මැඩලීමට ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 7 වනදා දක්වා වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කිරීමටද ජනාධිපති ව්ලැඩිමිර් පුටින් පියවර ගත්තා.
The post අඛණ්ඩව 8 වන දිනටත් රුසියාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment