Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යථාතත්ත්වයට  

Add comments

පැය කිහිපයක් අක්‍රියව තිබූ ෆේස්බුක් , වට්ස්ඇප් හා ඉන්ස්ට්‍රගෑම් සමාජ මාධ්‍ය ජාලා යළි යථා තත්ත්තවයට පත් කර තිබෙනවා.

පැය 6ක් පමණ ෆේස්බුක් සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලා අක්‍රියව තිබූ බවයි වාර්තා වන්නේ. පරිගණක හෝ ජංගම දුරකතන භාවිතයෙන් එම සමාජ මාධ්‍ය ජාලා පරිශීලනය කිරීමට ඊයේ සන්ධ්‍යා කාලයේ සිට හැකියාවක් ලැබුණේ නැහැ. ෆේස්බුක් සමාගම මුහුණ දුන් දැවැන්තම බිඳ වැටීම මෙය ලෙසයි සැලකෙන්නේ. ලොව පුරා පරිශීලකයින්ගෙන් ගැටලු මිලියන 11 කට ආසන්න සංඛ්‍යාවක් ෆේස්බුක් සමාගම වෙත වාර්තාවී තිබෙනවා. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් අතිශය කණගාටුව ප්‍රකාශ කරන අතර සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින්ගෙන් සමාව අයැද සිටින බවයි ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

 

 

 

 

 

The post ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යථාතත්ත්වයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG