Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ නව අගමැති දිවුරුම් දෙයි  

Add comments

ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ෆුමියෝ කිෂිඩා අද දිවුරුම් දුන්නා. ඒ ජපානයේ සියවන අග්‍රාමාත්‍යවරයා ලෙසයි.

64 වන වියේ පසුවන ෆුමියෝ කිෂිඩා පසුගිය සතියේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සදහා තේරී පත් වුණා. ඒ වසරක කාලයක් අග්‍රාමාත්‍ය තනතුර දැරීමෙන් පසු යොෂිහිඩේ සුගා ජපාන අග්‍රාමාත්‍ය ධුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම හේතුවෙන්. නව අග්‍රාමාත්‍යවරයාට ඇති ප්‍රධානම අභියෝග ලෙස ජපාන ආර්ථිකය ගොඩ නැංවීම හා උතුරු කොරියාවේ බලපෑම්වලට මුහුණ දීම දැක්විය හැකියි. නව කැබිනට් මණ්ඩලය ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එයට නවක මන්ත්‍රීවරු 13 දෙනෙකු ඇතුළත් බව වාර්තා වනවා. ලබන නොවැම්බර් මස එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

 

 

The post ජපානයේ නව අගමැති දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG