Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණයක් අතරතුර ගැටුමකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණයක් අතරතුර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පිරිස අතරට උද්ඝෝෂණයට සහභාගි වූ ගොවීන් හතර දෙනෙක්ද ඇතුළත්. උද්ඝෝෂණයට සහභාගි වී සිටි ගොවීන් පිරිසත් මතින් ප්‍රාන්ත රජයේ අමාත්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් ධාවනය කර තිබෙනවා. ඉන් අනතුරුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ. ගොවීන්ට ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම අමාත්‍යවරයා සඳහන් කරනවා. ගැටුම් හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව පොලිසිය නිවේදනය කරනවා.

 

 

The post උතුරු ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණයක් අතරතුර ගැටුමකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG