Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීත්‍යානුකූල ඔප්පු නැති පවුල්වලට නිවෙස්වලටම ගොස් ඔප්පු ලබාදෙන වැඩපිළිවෙළක්  

Add comments

දශක කිහිපයක් පදිංචි වී සිටියත්  නීත්‍යානුකූල ඔප්පු නැති පවුල්වලට, ඔවුන්ගේ නිවෙස්වලටම ගොස්  ඔප්පු ලබාදෙන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා.

ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරයා මීරිගම, නාල්ල, මූකලාන ආදී ප්‍රදේශවල ජනතාවගේ නිවෙස්වලටම ගොස් මෙසේ ඔප්පු ලබාදිම සිදු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වුණා. සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් එම කොමිසන් සභාව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ ජනතාවට නීත්‍යානුකූල ඔප්පු ලබාදීමේ අවස්ථාවටද අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා එක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වුණා.

මොරගහකන්ද නව මහවැලි ව්‍යාපාරය යටතේ මහවැලි ඩී කලාපයේ පදිංචි පවුල් 107 කට වාරි ඉඩම් කට්ටි ලබාදීම රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම පිරිස වසර තුනකට අධික කාලයක් පදිංචිව සිටියද ඔවුන්ට කුඹුරුවල නීත්‍යානුකූල හිමිකම ලැබී තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් ඉඩම් ලබාදීම සිදු කෙරුණා.

The post නීත්‍යානුකූල ඔප්පු නැති පවුල්වලට නිවෙස්වලටම ගොස් ඔප්පු ලබාදෙන වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG