සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ්වර්ධන් ෂින්ග්ලා මහතා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වුවා.
ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණ දීම පිළිබද මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ කලාපීය බලවතෙකු මෙන්ම අසල්වැසි රාජ්‍ය ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය බැසිල් රාජපක්ෂ මහතා අගය කළා. අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් එම සබදතා ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
කොරෝනා වසංගතය හමුවේ කඩා වැටී ඇති මෙරට ආර්ථිකය නගා සිටුවීමට ඉන්දියාව සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටියා. ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථාව සදහා ශ්‍රී ලංකාව වෙත යොමු කරලීමේ හැකියාව සොයා බලන බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටියේ.
The post ඉන්දීය විදේශ ලේකම් මුදල් ඇමති හමු වෙයි appeared first on ITN News.
Post a Comment