මාස ගණනකට පසු උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සන්නිවේදන කටයුතු ආරම්භ වී තිබෙනවා.
පසුගිය කාලය පුරා දෙරට අතර සන්නිවේදන කටයුතු අත්හිටුවීමටයි දෙපාර්ශවයම කටයුතු කර තිබුණේ. කෙසේ වුවද දකුණු කොරියාව සමඟ යළිත් වරක් සාකච්ඡා ආරම්භ කිරීමට උතුරු කොරියාව කැමැත්ත පළ කිරීමත් සමඟම සන්නිවේදන ජාලය නැවත ස්ථාපනය කෙරුණා. අද දිනයේ දී දෙපාර්ශවය අතර දුරකථන ඇමතුම් හුවමාරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු කොරියාව චෝදනා කරනවා. තමන්ගේ මිසයිල අත්හදා බැලීම් විවේචනය කළද ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ යුද ක්‍රියාකාරකම් හමුවේ එම කවුන්සිලය මුනිවත රකින බවයි උතුරු කොරියාව පවසන්නේ.
The post මාස ගණනකට පසු උතුරු හා දකුණු කොරියාව අතර සන්නිවේදන කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment