වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීම සදහා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම කාබනික වගාව ක්‍රියාත්මකයි. ගොවීන් කාබනික වගාවට යොමු කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ ඔවුන්ගේ අස්වැන්නද මිලදී ගැනීමට බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය කටයුතු කරනවා. එම කෘෂි නිෂ්පාදන ඇතුළත් සුපිරි වෙළෙදසැල් ජාලයක් පිහිටුවීමටද බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ අවධානය යොමු වුණා.
වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගොයම් පැළ සිටුවීමේ වැඩසටහනක් සදලංකාව වෙල් යායේ දී පැවැත්වුණා. නව තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගොවි ජනතාවට ප්‍රායෝගින දැනුම ලබාදීමට ද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අක්කර තිහක පමණ භූමි ප්‍රමාණයක් මෙලෙස අස්වැද්දීමට කටයුතු කෙරුණා. අඩු වියදමකින් වැඩි ඵලදාවක් ලබා ගැනීමට මෙම ක්‍රමය යටතේ ඉඩ සැලසෙන බවයි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා චමිතා සුබසිංහ මහත්මිය පැවසුවේ.
The post සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් වස විසෙන් තොර ආහාර ප්‍රචලිත කිරීමට නව වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment