Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙති  

Add comments

12.0කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති,  පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත්වුණා.

කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත් වනවිට 84 වන වියේ පසුවුණා.

ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය,  සාහිත්‍ය විශාරද,  දර්ශන විශාරද,  කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ තවත් ගෞරවනාම රැසකින් පිදුම් ලැබූ යථිවරයානන් වහන්සේ නමක්. බුරුම රාජ්‍යයෙන් ලද අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරව නාමය ද ඒ අතර වනවා. ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති ධුරය හෙබවූ උන්වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය ද හෙබවූවා. සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශිරෝමනී ගෞරව නාමයෙන් ද පුදලද උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පස්වන පරිවේනාධිපති ස්වාමීන් වහන්සේයි.

1937 පෙබරවාරි 20 වනදා කුරුණෑගල දඹදෙණිය වැලමිටියාව ගමේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩා නමින් උපත ලබා 1954 ජනවාරි 7 වනදා පැවිදි දිවියට පිවිස 1983 විද්‍යාලංකාර පරිවේනාධ්‍යක්ෂ ධුරයට පත් උන්වහන්සේ පරිවේනාධිපති ධුරයට පත්වූයේ 1990 වසරේදීයි. විචිත්‍ර ධර්ම කථිකයෙකු වූ කුසලධම්ම නාහිමියන් දුප්පත් ගම්මාන නගාසිටුවීමට ද දායකත්වය සැපයූවා. හෙළබසට සහ සාහිත්‍යයට ගරු කළ උන්වහන්සේ මෙරට පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට ද පුරෝගාමී මෙහෙවරක් ඉටුකළා.

අපවත්වී වදාළ පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.

 

 

 

 

 

The post පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වෙති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG