කොරෝනා වයිසරයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පිරිස මේ වෙනකොට එක්කෝටි තිස්තුන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයන් එක්කෝටි පනස් දෙලක්ෂ හැට දෙදහස් එකසිය අනූ දෙදෙනෙකුට ලබා දී අවසන්. මාත්‍රා දෙකම ලබා ගත් පිරිස එක්කෝටි තිස්තුන්ලක්ෂ දහනව දහස් තුන්සිය හැත්තෑ නවයක් වනවා.
වයස අවුරුදු 16 ත් 19 ත් අතර නිරෝගී දරුවන් ලක්ෂ හතරකට ඊයේ වන විට එන්නත ලබා දී තිබෙනවා.
ඊයේ දිනයේදී අලුතින් කොරෝනා ආසාදිතයන් 559 දෙනෙකු හදුනා ගත්තා. මේ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ තිස්අට දහස් තුන්සිය විස්සක් දක්වා ඉහළ ගියා. මේ අතුරින් පන්ලක්ෂ හාරදහස් තුන්සිය හැත්තෑ හය දෙනෙකු සුවය ලැබුවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස විසිදහස් දෙසිය හැත්තෑවයි.
ඊයේ දිනයේදී කොරෝනා මරණ විස්සක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වාර්තා කළා. මේ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දහතුන්දහස් හයසිය හැත්තෑ හතරක් වනවා.
The post එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සංඛ්‍යාව එක්කෝටි තිස්තුන් ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.
Post a Comment