Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රබර් කර්මාන්තයට නවක කිරි අස්වනු සහායකයින් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක්  

Add comments

රබර් කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් නවක කිරි අස්වනු සහායක ශිල්පීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් දීප ව්‍යාප්තව ආරම්භ කෙරුණා.

රබර් කිරි කැපීම සඳහා පුද්ගලයන් නොමැතිකම හේතුවෙන් ඒ සඳහා සුදුසු අය පුහුණු කිරීමේ ව්‍යාපෘතිය වේගවත් කරමින් වාර්ෂිකව පුද්ගලයන් හාරසිය දෙනෙකු පමණ පුහුණු කෙරෙනවා. ඔවුන්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් තුරුසවිය අරමුදල මෙහෙයවන මෙම වැඩපිළිවෙළට සම්පත් දායකත්වය ලබා දෙන්නේ රබර් පර්යේෂණ ආයතනයයි. මෙම පුහුණුව සාර්ථකව අවසන් කළ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායමට සහතික පත් ප්‍රදානය රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

The post රබර් කර්මාන්තයට නවක කිරි අස්වනු සහායකයින් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG