Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාශ්මීර් බ්ලැක් ඩේ සැමරුම වෙනුවෙන් සම්මන්ත්‍රණයක්  

Add comments

කාශ්මීර කළු දිනය හෙවත් කාශ්මීර් බ්ලැක් ඩේ සැමරුම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකා පාකිස්තාන මිත්‍රත්ව පදනමේ සභාපති ඉෆ්තිකාර් අසීස් මෙහි ප්‍රධාන දේශනය සිදු කළා. ඉන්දු කාශ්මීර දේශසීමාවේ සිටින කාශ්මීර ජනතාවට සිදුව ඇති බලපෑම් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු වුණා. මෙම සම්මන්ත්‍රණයේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වැඩ බලන පාකිස්තාන මහ කොමසාරිස් ට්නැවේර් අහමඩ් ප්‍රකාශ කළේ ඉන්දු කාශ්මීර දේශසීමාවේ වෙසෙන කාශ්මීර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුව ඉක්මන් විසදුම් බලාපොරොත්තු වන බවයි. මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

The post කාශ්මීර් බ්ලැක් ඩේ සැමරුම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG