පරිසර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. විශේෂයෙන් වායු විමෝචනය අවම කිරීම සඳහා ලෝක ප්‍රජාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද එක්ව සිටින බවයි විදෙස් සමුළුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
කොරියා ආසියා පැසිෆික් හරිත නව ගණුදෙනු සහයෝගීතා සංසදයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. කොරියාවේ සුවෝන් නගරයේදී මෙම සමුළුව පැවැත්වුණා. 2050 වන විට කාබන් අවම කිරීමට ශ්‍රි ලංකා රජය ප්‍රතිඥාවක් ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඉලක්ක සපුරා ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව අවශ්‍ය බවයි අමරවිර මහතා මෙහිදී තවදුරටත් කියා සිටියේ.
The post වායු විමෝචනය අවම කිරීමට ශ්‍රී ලංකාවද එක්ව සිටින බව පරිසර ඇමති විදෙස් සමුළුවක් අමතමින් කියයි appeared first on ITN News.
Post a Comment