ඇෆ්ගනිස්තානයේ රෝහල් කාර්ය මණ්ඩලය අවම වීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා.
කාබුල් අගනුවර ළමා රෝහලේ එක් හෙදියකට රෝගී දරුවන් විසිහතර දෙනෙකු රැක බලා ගැනීමට සිදුව තිබෙනවා. එම තත්ත්වය අතිශය ඛේදජනක බවයි යුනිසෙෆ් සංවිධානය සදහන් කරන්නේ. තලෙයිබාන් සංවිධානය එරට පාලන බලය අත්පත් කර ගැනීමත් සමග වෛද්‍යවරුන් හා හෙදියන් බහුතරයක් ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් තිබෙනවා. එමෙන්ම කාන්තාවන්ට පනවා ඇති දැඩි නීති හමුවේ රැකියාවට වාර්තා කිරීමට මැලිකමක් දක්වන බවද සදහන්. බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන අතර ඇෆ්ගනිස්තාන ජනගහනයෙන් සියයට අනූපහකට පසුගිය මාසයේදී ප්‍රමාණවත් තරම් ආහාර ලැබී නොමැති බව යුනිසෙෆ් සංවිධානය සදහන් කරනවා.
The post කාර්ය මණ්ඩලය අවම වීම හේතුවෙන් කාබුල් අගනුවර ළමා රෝහලේ රෝගීන් දැඩි අපහසුතාවක appeared first on ITN News.
Post a Comment