Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මැඩලීමට වැඩිම කාලයක් වසා තැබූ නගරය  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට ලොව වැඩිම කාලයක් වසා තිබූ නගරය බවට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය පත් වුණා.

වයිරස ව්‍යාප්තිය මැඩලීමට මෙල්බන් නගරය හය වරක් වසා දමා තිබෙනවා. පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා නගර වැසියන් දින 246 ක කාලයක් වසා දැමීමේ නීති යටතේ ජීවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මීට පෙර වැඩිම කාලයක් වසා දමා තිබූ නගරය අයත් වූයේ ආර්ජන්ටිනාවටයි. එම නගරය දින 244ක කාලයක් වසා දමා තිබුණා.

මේ අතර ඉහළ යන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පාලනය කිරීමට ඇමරිකාවේ නිෂ්පාදිත මොල්නුපිරවිර් ඖෂධය ඇණවුම් කරන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කරනවා. මර්ක් සමාගම නිෂ්පාදනය කරන මෙම ඖෂධයෙන් මාත්‍රා ලක්ෂ තුනක් ගෙන්වීමට බලාපොරොත්තු වන බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.

 

 

The post කොරෝනා මැඩලීමට වැඩිම කාලයක් වසා තැබූ නගරය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG