Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට  

Add comments

ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාවටද පාර්ලිමේන්තු සභාව එකඟ වී තිබේ.

ඇය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් , රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් ඇය මීට පෙර කටයුතු කර ඇත.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාද,පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද මෙම රැස්වීමට එක්වූහ.

මෙම රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණ.

මේ අතර වී. සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා සුන්දරම්
අරුමයිනායහම් මහතා පත් කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවට, ගරු කථානායක මහින්ද
යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) රැස් වූ පාර්ලිමේන්තු සභාව සිය එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තුවේ
මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

The post පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG