Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදු ස්ථානවලදී කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම පිළිබඳ සාකච්ඡා  

Add comments

පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ප්‍රායෝගික හේතූන් මත මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීම ඉතා වැදගත් බවයි.

“මෙය එක රැයකින් ගත හැකි තීරණයක් නොවේ. අවසන් තීරණයකට එළැඹීමට පෙර විවිධ කරුණු සැලකිල්ලට ගත යුතුයි”  නීතිමය හැකියාවන්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද සහ ජනතාවගේ අයිතිය වැනි සාධක ගැඹුරින් සලකා බැලිය යුතු බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

මෙම කරුණු පිළිබඳව නිසි අවධානයක් යොමු කර අදාළ තීරණය ඉදිරියේදී ගැනීමට නියමිතයි.

මේ අතර, කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ, කොවිඩ් එන්නත්කරණ කාඩ්පත විදෙස් සංචාරකයන් සඳහා ද අනිවාර්ය කි‍රීමට එමගින් හැකියාව ලැබෙන බවයි. ‍සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග සංචාරක කර්මාන්තයේ ඉදිරි කටයුතු පිලිබඳ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම ඉල්ලීම කර තිබෙනවා. මේ වනවිටත් මෙරට සමස්ත ජනගහනයෙන් එක්කෝටි තිස්හත් ලක්ෂයකට ආසන්න පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත් ඒ අනුව සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසක් මේ වනවිට කොවිඩ් එන්නත ලබාගෙන ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නා.

මේ වනවිට රටපුරා සංචරණ සීමා ලිහිල් කරමින් පවතියි. එන්නත්කරණ වැඩපිලිවෙලද ක්‍රියාත්මක වේ.පාසල් ළමුන් එන්නත්කරණය ද සිදුවේ. රට තුල කොවිඩ් එන්නත්කරණ කාඩ්පත භාවිතය අනිවාර්ය කරන්නේ නම් එමගින් තවදුරටත් එන්නත්කරණයට ලක් නොවූ පිරිස් ද ඒ සඳහා යොමුකර ගැනීමට හැකිවනු ඇතැයි රණතුංග මහතා මෙහිදී විශ්වාසය පළ කළා.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ අදාල අංශ සමග සාකච්ඡා කර මේ පිලිබඳව ඉදිරියේදී කටයුතු කළ හැකි බවයි.

The post පොදු ස්ථානවලදී කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම පිළිබඳ සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG