ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබද ගැටළුව මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන වෘත්තිය ක්‍රියාමාර්ගයට අද දින 87 ක් සපිරෙනවා.
මෙය අසාර්ථක ක්‍රියාමාර්ගයක් බවයි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය පවසන්නේ. එසේම අද දිනයේ දී ගුරුවරුන් විශාල පිරිසක් උද්ඝෝෂණවලට රැගෙන එන බව කීවද ඊට එක්ව සිටියේ ඉතා සුළු පිරිසක් බවයි අපට වාර්තා වුණේ.
ගුරු වැටුප් ගැටළුවට රජය විසදුම් ලබා දුන්නා. එහෙත් එම විසදුම් පිළි නොගන්නා ලංකා ගුරු සංගමය පවසන්නේ අඛණ්ඩවම වෘත්තිය ක්‍රියාමාර්ගයෙහි නිරත වන බවයි.
කෙසේ වෙතත් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත්‍ර සදහා මේ වනවිට 90% ක් පමණ පාසල් මේ වනවිට අයදුම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය පවසන්නේ. එහෙයින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අසාර්ථක එකක් බවයි එහි ජාතික සංවිධායක සිසිර කුමාර රත්නායක මහතා කියා සිටින්නේ.
The post ස්ටාලින්ලා කළු කරන්න හැදුවත් ගුරුවරු කළු නොකරපු ගුරු දිනය appeared first on ITN News.
Post a Comment