කාබනික පොහොර නිෂ්පාදන කටයුතුවලට දිවයිනේ බොහෝ පිරිස් එක්ව සිටිනවා.
වව්නියාව සිවිල් ආරක්ෂක බළකායේ සෙබලුන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට දායක වී සිටිනවා. පළමු අදියරේදී කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් ලක්ෂ පහක් නිෂ්පාදනය කිරීමේ අවසන් අදියරට ඔවුන් පැමිණ සිටිනවා. පොහොර කිලෝග්‍රෑම් ලක්ෂ විසිපහක් නිෂ්පාදනය ඔවුන්ගේ අරමුණයි. වව්නියාව සිවිල් ආරක්ෂක බළකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සූරිය අස්මඩල මහතාගේ මගපෙන්වීම යටතේ මෙම කටයුතු සිදු කෙරෙනවා.
මේ අතර කරන්දෙණිය හිපන්කන්ද ප්‍රදේශයේ තරුණයෙකුද කාබනික පොහොර නිෂ්පාදනය සාර්ථක ලෙස සිදු කරනවා. සමන් ප්‍රියන්ත විජේවික්‍රම නැමැති ඔහු සිය සොහොයුරාද සමග එක්ව ආරම්භ කළ මෙම කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළට කෘෂිකර්ම නිලධාරීන්ගේ මගපෙන්වීමද ලැබී තිබෙනවා. මේ වන විට ඔහු කාබනික දියර පොහොර නිෂ්පාදනයටද එක්ව සිටිනවා.
The post සොහොයුරා සමඟ එක්ව කාබනික පොහොර නිෂ්පාදනය කරන හිපන්කන්දේ තරුණයා appeared first on ITN News.
Post a Comment