පිරිවෙන් ගුරු ප්‍රතිභා ගුරු උපහාර උළෙල අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණා.
ලෝක ගුරු දිනයට සමගාමීවයි මෙම ගුරු උපහාර උළෙල පැවැත්වුණේ. ඒ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. පිරිවෙන් අධ්‍යාපනයට කැපවූ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩල මෙහිදී උපහාර ලැබුවා. ජාතික පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහල රාහුල අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද යන ස්වාමීන් වහන්සේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත , විජිත බේරුගොඩ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post “පිරිවෙන් ගුරු ප්‍රතිභා” ගුරු උපහාර උළෙල අධ්‍යාපන අමාත්‍යංශයේ දී appeared first on ITN News.
Post a Comment